Kadawara Yahana - ශ්‍රී විභීෂණ දෙවියො

ශ්‍රී විභීෂණ දෙවියො

 

මහා බලසම්පන්න රාවණ රජුගේ සොහොයුරු වූ විභීෂණ ශ්‍රී ලංකාවේ පැරණිතම දෙවියෝ ලෙස සැලකේ.රාමා රාවණ යුද්ධයේ දී රාවණාගේ දූෂ්ට ගති පැවතුම් ඉවසා සිටීමට නොහැකි තැන විභීෂණ රාමාට උදව් කරන්නට විය.රාමට ජය ගනීමට පුළුවන් වුණේ විභීෂණ නිසා බව පිළිගැනේ.

රාමයන් හට කළ උපකාරය නිස රාම කුමරු විභීෂන හට ලංකාවේ රජකම පැවරීය.විභීෂණයන් ගුණවත් නැණවත් අයෙකි.ඔහු ඉතා සාධාරණව පාලනය ගෙනගිය අතර ඉතා ධාර්මිකව කටයුතු කළේය.මේ නිසාම ඔහු මරණින් පසුව දේවත්වයට පත් විය.

විභීෂණ දෙවිදුන්ගේ කීර්ති රාවය පැතිර ඇත්තේ කැළණිය ආශ්‍රිත ප්‍රදේශ වලය.මෙතුමාගේ වාහනය වන්නේද අශ්වයෙකි.නීල වර්ණ දේහයකින් යුක්ත වේ .විභීෂණ දෙවියන් පිළිබඳව විශ්වාසයකුන් පුද පූජා පවත්වන කෙනෙකුට විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දීමට මෙම දෙවිදුන් පසුබට නොවෙති පැරැන්නන්ගේ මතයයි.

උලකුඩය දේවියට පුතකු ලබා දෙන ලෙසට ඉල්ලා ශ්‍රී රාහුල සංඝරාජයණන් වහන්සේ සැළලිහිණියෙකු අත සංදේශයක් යැව්වේ මෙම විභීෂණ දෙවියන් වෙත වීමෙන්ම  විභීෂණ දෙවිදුන්ගේ ප්‍රබල බව වටහා ගැනීමට පුළුවන.